Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුද්ගලයින් 365,951ක් විරැකියාවෙන්! ‍රැකියා විරහිත උපාධිධාරීන් ගැනත් අනාවරණයක්!

12 months ago

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 365,951ක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

2024 ශ්‍රම බලකා වාර්තාව අනුව, 2024 පළමු කාර්තුවේ 4.5% වූ විරැකියා අනුපාතය 2025දී 3.8% දක්වා පහළ ගොස් ඇත.

එමෙන්ම 2024 දෙවන කාර්තුවේ 4.7% වූ අනුපාතයද 2025දී 3.8% දක්වා පහළ ගොස් තිබේ.

අධ්‍යාපන සුදුසුකම් අනුව රැකියා විරහිත සංඛ්‍යාව:

සාමාන්‍ය පෙළට පහළ – 103,308
සාමාන්‍ය පෙළ සමත් – 91,405
උසස් පෙළ සමත් – 128,984
උපාධි සහ ඉහළ සුදුසුකම් – 42,254

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසූයේ, දැනටමත් 12,000ට වැඩි උපාධිධාරීන්ට රැකියා ලබා දී ඇති අතර, ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඉතිරි පිරිසටත් රැකියා ලබාදීමට කටයුතු කරන බවයි.