Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාවනැල්ල ලේ විලක් කළ මත් රකුසා

11 months ago

මාවනැල්ල, ධනාගම නෑහිඳ ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම සිදුවීමෙන් ඝාතනයට ලක්ව ඇත්තේ සැකකරුගේ මාමා, නැන්දනිය සහ අසල්වැසි කාන්තාවක්.

ඝාතනය සිදුකළ සැකකරු 34 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව සඳහන්.

ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම අපරාධය සිදුකර ඇති බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂන ක්‍රියාත්මකයි.