Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බිඳ වැටී තිබූ ජල සැපයුම යථාවත් කෙරේ

11 months ago

‍දෙහිවල ගල්කිස්ස ඇතුළු ප්‍රදේශ රැසකට බිදවැටී තිබූ ජල සැපයුම යථාවත් කර තිබේ.

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළය බත්තරමුල්ල තලංගම පයිප්ප පාර ප්‍රදේශයේ සිදු වූ හදිසි පිපිරීයෑමක් හේතුවෙන් ඊයේ (02) රාත්‍රී 10ට පමණ මෙසේ ජල සැපයුම අත්හිටවනු ලැබීය.

ඉන් ඇතිවූ ජල කාන්දුවෙන් මාර්ගය ද ජලයෙන් යටවී තිබුණි.

ඒ අනුව ජල සැපයුම අත්හිට වූ මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශවලට නැවත ජල සැපයුම යථාවත් කර ඇති බව වාර්තා වේ.