Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොඩියුල ගැටලුව ගැන කියන්න අගමැතිනිය මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී

11 months ago

6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවි ඇතුළත් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන් බැහැදුටු අවස්ථාවේදී ඇය මේ බව කියා සිටියාය.

මොඩියුල 106ම අමාත්‍යාංශය වෙත ගෙන්වා යළි පරීක්ෂා කරන බවත්, මෙහිදී ක්‍රියාවලියේ දුර්වලතාවක් හෝ වෙනත් බාහිර මැදිහත්වීමක් සිදුව ඇත්දැයි සොයා බලන බවත් අගමැතිනිය සඳහන් කළාය.

ඉදිරියේදී පෙළපොත් මුද්‍රණය කිරීමේ සම්පූර්ණ වගකීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට පවරන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය
”පැහැදිලියි හාමුදුරුවනේ වැරැද්දක් වෙලා. ඒක අපිට නැහැ කියන්න බැහැ කිසිසේත්ම. දැන් ඔව් ක්‍රියාවලියේ දුර්වලතාවයක් තියෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන විදිහකට මේක ඇතුල් වුණාද කියන එක හොයාගෙන තමා අපි CID එකට ඒ පැමිණිල්ල කරලා තියෙන්නේ. ඒක එකසිය හයක් තියෙනවා. ඒ එකසිය හයම අපි අමාත්‍යංශයට ගෙනල්ලා එකින් එක බලනවා හාමුදුරුවනේ. ආයිත්. ඒක සාමාන්‍යයෙන් කළ යුතු දෙයකුත් නෙමෙයි. අමාත්‍යංශ‍යෙන් එහෙම පොත් බලන් නැහැ. ඒක ජාතික අධ්‍යාපන ආයතනයෙන් තමා බලන්නේ. නමුත් මේ අවස්ථාවේ මේ ප්‍රශ්නේ නිසා එකින් එක අපි බලනවා. ඒවයි තුලත් අපිට යම් යම් වැරදි හම්බවෙලා තියෙනවා..”