Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලාල්කාන්තගේ වනචාරි කතාවට නලින්දගෙන් අපුරූ පිළිතුරක්

10 months ago

මිහින්තලේ පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සිදුකළ “වනචාරියා” ප්‍රකාශය සහ ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳව රජයේ නිල ස්ථාවරය ෛඊයේ (13) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේ අදාළ ප්‍රකාශයෙන් කිසිදු පුද්ගලයෙකුගේ නමක් සඳහන් කර නොමැති බවත්, මාධ්‍ය විසින් එය අනවශ්‍ය ලෙස පුද්ගලීකරණය කරන බවත්ය.

අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ ප්‍රකාශය මහා සංඝරත්නයට සිදුකළ අපහාසයක් ලෙස සලකා එය ඉල්ලා අස්කර ගන්නා ලෙස භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටින බව මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර, ඊට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය:

අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ “තවත් වනචාරීන් දුටුවෙමි” යනුවෙන් පළ කළ සටහන පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරිණි. වගකිවයුතු අමාත්‍යවරයෙකු මෙවැනි දේ පළ කිරීම උචිතදැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා සඳහන් කළේ, යම් පුද්ගලයෙකුට එම ප්‍රකාශය තමන්ට එල්ල වූවක් යැයි හැඟෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට (නඩු පැවරීමට) හැකියාව පවතින බවයි.

මේ අතර, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් කියා සිටියේ අමාත්‍යවරයා සිය වැරදි නිවැරදි කරන්නේ නම් තමන් වහන්සේ සමාව දීමට සූදානම් බවයි.

“අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි මම විශ්වාස කරනවා. මට එරෙහිව අන්තර්ජාලය හරහා යන මඩ ප්‍රචාරවලින් මම වැටෙන්නේ නැහැ,” යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

කෙසේ වෙතත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මුළු මහත් සංඝරත්නයම මෙම ප්‍රකාශයට එරෙහිව පෙළගැසී ඇති බවට වන මතය වැරදි බවත්, තමන් දුටුවේ ස්වාමීන් වහන්සේලා කිහිපනමකගේ අදහස් දැක්වීම් පමණක් බවත්ය. එම ස්වාමීන් වහන්සේලා පවා මෙම ප්‍රකාශය මිහින්තලේ නායක හාමුදුරුවන්ටම යොමු වූවක් බවට තීරණය කළ පදනම ගැටලුසහගත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.