Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දළදා මාළිගාවෙන් ඇසෙන කණගාටුදායක පුවත

10 months ago

මහනුවර ශ්‍රී දළදා මාළිගාව පවත්වාගෙන යාම සඳහා වසරකට රුපියල් කෝටි 150ක ආදායමක් අවශ්‍ය බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.

ශ්‍රී දළදා මාලිගය වෙත ස්වකීය සේවය ලබාදුන් රාජකාරීකරුවන්, විවිධ මට්ටමේ වෘතිකයන්, කලා ශිල්පීන් ඇතුළු 400කට ආසන්න පිරිස වෙත දශක දෙකකට වැඩි කාලයක් ඉටු කළ මෙහෙවරට ප්‍රණාම පුද කිරීමේ ප්‍රණාම උළෙලට පෙරේදා(23) එක්වෙමින් දියවඩන නිළමේවරයා මේ බව පැවසුවා.

දියවඩන නිළමේවරයා පවසන්නේ දිනකට රුපියල් ලක්ෂ 50ක ආදායමක් ඇතිකර නොගත්තොත් දළදා මාළිගාවේ කටයුතු පවත්වාගෙන යාම අසීරුවන බවයි.

එය මෙම වසරේ අභියෝගයක් වී ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.