Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද FCID එන්න බෑ! ශිරන්ති රාජපක්ෂගෙන් දැනුම්දීමක්!

10 months ago

පුද්ගලික හේතූන් මත තමන්ට අද (27) දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටීමට නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ සිය නීතිඥ කණ්ඩායම මාර්ගයෙන් දැනුම් දී තිබෙනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, ප්‍රශ්න කිරීම් සඳහා පෙනී සිටීමට පෙර තමන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන ලෙස ඇය ඉල්ලා සිටින බවයි.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා  අද (27) පෙරවරු 9ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ඇයට මින් පෙර දැනුම්දීමක් සිදු කර තිබුණි.