Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලීසියේ 6 දෙනෙකුගේ වැඩ තහනම් කරයි

10 months ago

කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ පොලිස් නිලධාරීන් හයදෙනාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ. සිද්ධියට අදාළව සිදුකෙරෙන විනය පරීක්ෂණවලට යටත්ව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීට අමතරව, සිද්ධියට අදාළ සාක්ෂි මෙහෙයවීමේ පියවරක් ලෙස ලබන 29 වැනිදා සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.