Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

‘ලංකාදීප’ පුවත්පත ගැන කතානායකගෙන් විශේෂ විමර්ශනයක්

10 months ago

පාර්ලිමේන්තු සේවකයින් මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පළ වූ පුවත් වාර්තාවක් මගින් පාර්ලිමේන්තුවේ ගරුත්වයට හා අපහාසයක් සිදුව ඇති බව පවසමින්, එම කරුණ විමර්ශනය සඳහා වරප්‍රසාද කාරක සභාවට යොමු කිරීමට පියවර ගන්නා බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පවසනවා.

අද (05) පාර්ලිමේන්තු සභාවාරය ආරම්භයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව දැනුම්දුන්නා.

2026 ජනවාරි 11 වැනි ඉරිදා දින ලංකාදීප පුවත්පතේ පළ වූ “පාර්ලිමේන්තුවේ අයිස් සහ සිගරට් භාවිතා කරන සේවකයින්ට දැඩි ක්‍රියාමාර්ග, කතානායකවරයාගෙන් නියෝගයක්” යන මැයෙන් යුත් ප්‍රවෘත්ති වාර්තාව මෙලෙස විමර්ශනය කරන බව කතානායකවරයා සඳහන් කළා.

එම පුවත් වාර්තාව මගින් 1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ (අ) කොටසේ 7 වැනි වරදට අනුව පාර්ලිමේන්තුවේ ස්වභාවය පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් අඩංගු කර ඇති බව කතානායකවරයා පෙන්වාදෙනවා.

කතානායකවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කළේ, මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද සෘජුව උල්ලංඝනය කිරීමක් බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 යටතේ තමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම කරුණ පිළිබඳව විමර්ශනයක් පවත්වන බවටයි කතානායකවරයා දැනුම්දුන්නේ.

ඒ අනුව, මේ පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කරුණ ‘ආචාරධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට’ යොමු කර තිබෙනවා.