තලංගම, අකුරේගොඩ ප්රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අද (13) පස්වරු 5ට පමණ සිදුවූ දරුණු වෙඩි තැබීමකින් නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.
පිටිගල ප්රදේශයේ පදිංචි මල්වාරච්චි නැමැති නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඔවුන් ගමන් කළ ජීප් රථය තුළ සිටියදීය.
මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් T-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි.
මූලික විමර්ශනවලට අනුව, මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධකරුවන් දෙපිරිසක් අතර පවතින ආරවුලක ප්රතිඵලයක් බවට සැක කෙරේ. ඝාතනයට ලක්වූ නීතිඥවරයා ‘කරන්දෙණිය සුද්දා’ නැමැති අපරාධකරුගේ අධිකරණ කටයුතු සඳහා පෙනී සිටි අයෙකි. නීතිඥවරයා විසින් සිය සේවාදායකයාගේ රහසිගත තොරතුරු ‘ලොකු පැටී’ නැමැති ප්රතිවිරුද්ධ අපරාධකරුට ලබා දුන් බවට සැක කරමින්, ‘කරන්දෙණිය සුද්දා’ විසින්ම මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යොදවා තිබේ.
