ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය තීරණය කෙරෙන තීරණාත්මක බලඇණියක් වන ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියංජන් පත් කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින සහ විස්සයි-විස්ස තරග නියෝජනය කර ඇති අශාන්, දේශීය ක්‍රිකට් පිටියේ මෙන්ම විදෙස් ලීග් තරගාවලි වලදී ද නායකයෙකු සහ ක්‍රීඩකයෙකු ලෙස විශාල අත්දැකීම් සම්භාරයක් රැස් කරගත් අයෙකි.
විශේෂයෙන්ම ජාතික කණ්ඩායමට පිවිසීමට පෙර ක්‍රීඩකයින් පන්නරය ලබන මෙම කණ්ඩායමේ වගකීම ඔහුට පැවරීම මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැසසුමට ලක්ව ඇත. මෑතකදී ලසිත් මාලිංග විසින් පෙන්වා දුන් පරිදි, දක්ෂතාවය තිබුණද ක්‍රමවේදයන් අතරමං වන ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන්ව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමේ විශාල අභියෝගයක් අශාන් හමුවේ පවතී
