Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ලෝක නායකයින්ට කළ ඇරයුම

8 months ago

ඉරානයට එරෙහි යුද්ධයට එක්වන ලෙස ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

ඉරානයට එරෙහිව ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ආරම්භ කර ඇති යුද්ධය සඳහා පුළුල් ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවයි ඔහු පවසන්නේ.

එහිදී ඔහු පවසා සිටියේ මේ වන විටත් ඇතැම් රටවල් එම ක්‍රියාමාර්ග සඳහා සහය පළකරමින් සිටින බවයි.

එමෙන්ම ඉරානය සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඔවුන්ට යුරෝපය දක්වා ඉලක්ක එල්ල කළ හැකි දිගු දුර අවි පවතින බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.