එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු බෙන් ඩක්ටඩ් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි කණ්ඩායමට ක්‍රීඩා කිරීමෙන් ඉවත්ව තිබෙනවා.
සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ, සිය රට වන එංගලන්ත ජාතික කණ්ඩායමට ක්‍රීිඩා කිරීමට ප්‍රමුථත්වය ලබාදීම සදහා තමන් IPL තරගාවලියෙන් ඉවත්වන බවයි.
බෙන් ඩක්ටඩ් ඉවත්වීමත් සමග දිල්ලි කැපිටල්ස් සංචිතයේ සිටින ශ්‍රි ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එම ස්ථානයට ක්‍රිඩා කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
