Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝවලට හසු නොවන්න! ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්

3 days ago

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙනී සිටින අයුරින්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ වීඩියෝ සහ දැන්වීම්, විශේෂයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල ප්‍රචාරය  වන බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත.

එබැවින් මෙවැනි වංචනික දැන්වීම්වලට නොරැවටෙන ලෙසත්, එවැනි දැන්වීම්  මගින් ඉදිරිපත් කරනු ලබන මූල්‍ය උපදෙස්, ආයෝජන අවස්ථා හෝ වෙනත් ප්‍රකාශ මත පදනම්ව කිසිදු තීරණයක් නොගන්නා ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී ඇත.

තව ද ශ්‍රී ලංකා මහ බැංකුව මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සන්නිවේදන මාධ්‍ය භාවිත කරන ලෙසත් නොමග යවන සුලු වීඩියෝ ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් ය.

නවතම පුවත් (Latest News)