Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය විද්‍යාවේ නව පෙරළියක්! පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්!

1 day ago

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ගැමලේයා (Gamaleya) පර්යේෂණ ආයතනය විසින් නිපදවන ලද NEOONCOVAC නම් mRNA පිළිකා නාශක එන්නත මේ වන විට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව එම ආයතනය නිවේදනය කර තිබේ.

ගැමලේයා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ගින්ට්ස්බර්ග් මහතා මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සඳහන් කළේ, මෙම එන්නතේ සියලු මාත්‍රා නිසි පරිදි ලබාගත් පළමු පිළිකා රෝගියා මේ වන විට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

පර්යේෂණයේ සහ එන්නතේ ප්‍රධාන කරුණු:

ප්‍රතිකාර අවසන් වී මාස 04ක් පමණ ගත වී ඇති අදාළ රෝගියා සී.ටී. ස්කෑන් (CT Scan) පරීක්ෂණ කිහිපයකටම යොමු කර ඇති අතර, වසා ගැටිති ඇතුළු මුළු සිරුරම පරීක්ෂා කිරීමේදී නව පිළිකා ලක්ෂණ කිසිවක් හමු වී නොමැත.

සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළද, එම රෝගියා ඉදිරි වසර තුනක කාලයක් දැඩි වෛද්‍ය නිරීක්ෂණ යටතේ තබා ගැනීමට නියමිතය.

රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර පිළිකා තත්ත්වය පාලනය කිරීමට මෙම එන්නත දායක වේ. පිළිකා වර්ගය, පුද්ගලයාගේ ප්‍රතිශක්තිය සහ පිළිකාවේ ස්වභාවය මත පදනම්ව එන්නත වෙනස් කරමින් (Personalized) නිපදවීමට හැකි බව රුසියානු විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ අතර, කසකස්තානය ද DVC නමින් තමන්ගේම පිළිකා නාශක ඖෂධයක් නිපදවමින් සිටින අතර, 2027 වසරේ මැද භාගය වන විට එය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නවතම පුවත් (Latest News)