මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා නොවැම්බර් 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ඔහු අද (17) අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිකාල දීමනා තිස් එක් ලක්ෂ එකොලොස් දහසක මුදලක් වංචා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
ඊයේ (16) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි ඔහු එහිදී අත්අඩංගුවට පත්වුණි.
