Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“දෑත්වලින් වැළඳ ගත නොහැකි නිසා අකුරුවලින් වැළඳ ගතිමි” – මහින්දගේ උපන්දිනයට නාමල්ගෙන් සංවේදී සටහනක්

2 hours ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදට (නොවැම්බර් 18) යෙදී ඇති සිය 81 වැනි ජන්ම දිනය සමරයි. ඒ වෙනුවෙන් සිර මැදිරියේ සිට ඔහුගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා විසින් ඉතා සංවේදී සුබපැතුම් ලිපියක් යොමු කර තිබේ.

මෙම වසරේ පියාගේ උපන්දිනය දා අසලින් සිට සුබ පැතීමට නොහැකි වීම පිළිබඳව සඳහන් කරමින් නාමල් රාජපක්ෂ පවසා ඇත්තේ, පවුලෙන් සහ ආදරණීයයන්ගෙන් වෙන්ව අසීරු කාලයක් ගත කිරීමට සිදු වුවද, සිර මැදිරියේ බැමිවලට එහා පියා වෙනුවෙන් ඇති ආදරයත් ගෞරවයත් අසීමිතව දැනෙන බවයි.

නාමල් රාජපක්ෂ තැබූ සංවේදී සටහනින් මතුකළ ප්‍රධාන කරුණු:

  • අකුරුවලින් කළ වැළඳගැනීම: දෑත්වලින් වැළඳ ගැනීමට නොහැකි නිසා අකුරුවලින් පියාව වැළඳ ගැනීමට සිතූ බවත්, පියෙකු සහ පුතෙකු අතර ඇති බැඳීම දුරස්ථභාවයෙන් බිඳ දැමිය නොහැකි බවත් ඔහු සඳහන් කර ඇත. තමා වෙනුවෙන් තම දරුවන් අද ඔහු අසල සිට ඔහුව වැළඳ ගනු ඇති බවද හෙතෙම පවසා තිබේ.
  • නායකත්වයේ ආදර්ශය: නායකත්වය යනු තනතුරක් දැරීම පමණක් නොව වගකීම් භාර ගැනීම, අභියෝග හමුවේ නොසැලී සිටීම සහ තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් පෙනී සිටීම බව තම පියාගේ ජීවිතයෙන් උගත් බව නාමල් රාජපක්ෂ සිහිපත් කරයි.
  • රටට සාමය උදා කිරීම: රටේ ඉතිහාසයේ අඳුරුතම කාල පරිච්ඡේදයකදී, කිසිවෙකුට බිය නොවී මාතෘ භූමියට සාමය උදා කිරීමට පියා ගත් කැපකිරීම් සහ දරාගත් බොහෝ දෑ පුතෙකු ලෙස තමා ඉතා සමීපව දන්නා බව ඔහු පවසා ඇත.
  • තාත්තාට දුන් ශක්තිය: දේශපාලන පරිසරය තුළ අත්දකින්නට සිදු වූ අසීරුතා, තාඩන පීඩන සහ ගැරහුම් හමුවේ නොසැලී සිටි “ගිරුවාපත්තුවේ මහින්ද රාජපක්ෂ” නම් මහපොළොවේ පය ගැසූ තම ආදරණීය තාත්තාට ලොකු පුතා ලෙස නිදුක් නිරෝගී සුවයත්, මානසික ශක්තියත් ප්‍රාර්ථනා කරමින් ඔහු සිය සුබපැතුම් සටහන අවසන් කර ඇත.