Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින් ගැන 2028 අයවැයෙන් බලන්න සැරසෙයි

23 minutes ago

අත්හැරුණු දීමනා, වැඩි කළ යුතු දීමනා, අසාධාරණ ලෙස කප්පාදු කළ දීමනා යනාදී වශයෙන් බොහෝ පාර්ශ්වවල දීමනා ගැන ගැටලු ඇතත් මෙවර අයවැයෙන් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ඉඩක් නොමැති බව අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි.

“අපට බොහෝ පාර්ශ්වවල දීමනා තිබෙනවා, අත්හැරුණු දීමනා තිබෙනවා, වැඩි කළයුතු දීමනා තිබෙනවා, ඒ වගේම සමහර අසාධාරණ ලෙස කප්පාදු කළ දීමනා තිබෙනවා. දීමනා සම්බන්ධයෙන් සාකච්ඡාව අපට තිබෙනවා.

නමුත් අපට දීමනා සම්බන්ධ සාකච්ඡාව ගන්න වෙන්නෙම 2028 අයවැයෙන්. මොකද 2027 අයවැයෙන් අපි අර මූලික පඩි වැඩිවීම සඳහා වෙච්ච ඉඩ තියලා තිබෙන්නෙ. ඒ නිසා 2027 අයවැය අවකාශයේ, මූල්‍යමය අවකාශයේ තව දුරටත් ඉඩ නැහැ දීමනා වැඩිකිරීම සඳහා”

සුසිල් රණසිංහ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.