ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි හදිසි හා තියුණු පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව, මීට පෙර ඩොලර් 3,800 සීමාව ඉක්මවා තිබූ රන් අවුන්සයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 3,774ක් දක්වා පහත වැටී ඇත.
ලෝක වෙළෙඳපොළේ මෙම මිල පහළ යාමේ සෘජු බලපෑමක් ලෙස, අද දින (නොවැම්බර් 18) මෙරට රන් මිලද රුපියල් 3,000කින් පහත ගොස් තිබේ.
අද දින (18) මෙරට රන් මිල ගණන්:
- කැරට් 22 රන් පවුමක්: රුපියල් 326,600ක් වේ. (ඊයේ මිල රුපියල් 329,400ක් විය)
- කැරට් 24 රන් පවුමක්: රුපියල් 355,000ක් දක්වා පහත වැටී ඇත. (ඊයේ මිල රුපියල් 358,000ක් විය)
