Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් නිවාඩුව හා නව පාසල් වාරය ආරම්භ වන දිනය ගැන විශේෂ දැනුම්දීමක්

20 minutes ago

2026 වර්ෂයේ සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය දෙසැම්බර් මස 04 වන සිකුරාදා දිනෙන් අවසන් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබේ.

2027 වර්ෂයේ නව පාසල් වාරය ජනවාරි මස 04 වැනිදා ආරම්භ කළ යුතු බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම පාසල් වාරය අවසන් වන තෙක් සැලසුම් කර ඇති සියලුම පාසල් අධ්‍යයන කටයුතු සහ විභාග කටයුතු නියමිත කාලසටහන්වලට අනුව කිසිදු බාධාවකින් තොරව අවසන් කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුය.