Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෛද්‍ය වර්ජනයක්

GMOA තීරණාත්මක තීන්දුව අනිද්දා

3 hours ago

රාජ්‍ය සේවකයින්ට එළැඹෙන වසරේ අයවැයෙන් සහන ලබා නොදීමට විරෝධය පළ කරමින් ලබන 30 වනදා පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට එක්වනවා ද නැද්ද යන තීරණය අනිද්දා ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා පැවසුවේ අනිද්දා දිනයේ පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරකසභා රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගන්නා බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයින් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා මේ බව කියා සිටියේය.

“අද දිනයේදී අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ එහි නායකත්වය සහ නියෝජිතයන් හමුවෙලා රජයේ වෛද්‍යාධාර සංගමය වශයෙන් අපි අයවැය සම්බන්ධව දරන අදහස් ඔවුන් සමඟ හුවමාරු කරගත්තා. රජය උත්සාහ කරනවා වෛද්‍යවරුන්ට රුපියල් 25,000ක් වැටුප් වැඩිවීමක් සපයලා තියෙනවා. ඒක මදි කියලා තමයි වෛද්‍යවරුන් මේ අවස්ථාවේදී වැඩි වැටුප් සහ දීමනා ඉල්ලලා තමයි සටන් කරන්නේ කියලා ප්‍රචාරයක් අරගෙන යනවා. එතකොට මේක ඉතාම අගතිගාමී වැඩපිළිවෙළක්.”

ගුරුවරු රාජ්‍ය සේවකයෝ සියලු දෙනාම දැන් 30 ලොකු වර්ජනයකට ලෑස්ති වෙනවා ඔබතුමන්ලා 
දැන් විසඳුම් නැති වුනොත් මොකද කරන්නේ?

“ඒ කාරණය අපේ තීරණය වෙන්නේ 27 වෙනිදා තියෙනවා මධ්‍යම කාරක සභා රැස්වීමක්. ඒ රැස්වීමේදී ලංකා පුරාම විහිදිලා තියෙන ශාඛා සමිති ජාලයෙන් අපේ නියෝජිතයන් සහභාගි වෙනවා. එහිදී තමා තීරණය වන්නේ අවසානයේ අපි කරන්නේ මොකක්ද කියලා. 27ට කලින් විසඳුමක් දුන්නොත් හොඳයි. සාකච්ඡාවක් ලැබුණොත් හොඳයි. අපි කිසිම අවස්ථාවක අයවැය කාලයට පමණක් මේ ගැටලු සීමා කරන්නේ නැහැ. සාමාන්‍ය රෝගීන්ගෙන් ගැලවිලා ඔවුන්ට ගැටලුවක් ඇති නොවන පරිදි රජයට දැනෙන දෙයක් කරන්නා. නමුත් අවසානයේදී රජය උත්සාහ කරයි සාමාන්‍ය රෝගීන් බිල්ලට දෙන්න.”