Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මිනිස්සුන්ට කන්න නෑ! ‌යන්න එන්න තෙල් නෑ! රටට ඩොලර් නෑ! ඒ අස්සේ ටැබ් 7000ක් ගන්න කෝටි 5ක් වියදම් කරන්න යන ඇමති!!

4 years ago

රට දැවැන්ත අර්බුදයකට ලක්ව තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය ටැබ් යන්ත්‍ර 7000 ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකකෝන් මහතා පැවසීය.

බොරැල්ල, ඇන්. ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

මෙම ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට අදාළව ඉකුත් මාර්තු 21වැනිදා ජාතික පුවත්පත්වල දැන්වීමක්ද පළ කර ඇති අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලබන ජුලි මස 11වැනිදා අවසන් කිරීමට නියමිත බවද අදාළ දැන්වීමේ සඳහන් කර තිබේ.

ටැබ් යන්ත්‍ර මිලදී ගැනීමට වැය කිරීමට නියමිත සම්පූර්ණ මුදල රු. කෝටි 5කි.

නවතම පුවත් (Latest News)