ලංකා සීනි සමාගමේ නව සභාපති ලෙස සඳමාලි චන්ද්‍රසේකර පත්කර තිබේ. එම තනතුරේ මීට පෙර කටයුතු කළ රුක්ෂාන් ගුණතිලක ඉවත් වීමත් සමග ඇති වූ පුරප්පාඩුවට ඇය පත් කර තිබේ .
එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න පත් කර තිබේ.
නව සභාපතිවරිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය පසුගියදා ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාවලට පැමිණ ආයතනවල ප්‍රධාන නිලධාරීන්, වෘත්තීය සමිති නියෝජිතයන්, සේවකයන් සහ ගොවි මහත්වරුද මුණ ගැසුණාහ .
එමෙන්ම , නව සභාපතිනි සඳමාලි චන්ද්‍රසේකරගේ අත්සනින් යුතුව ලිඛිත දැනුම් දීමක්ද සිදු කර තිබේ. ඒ , පැලවත්ත සහ සෙවනගල ඒකකයන් දෙකෙහි සීනි ගබඩාවේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුව මගින් කරන ලද විගණනය නිසා ,එතෙක් අලෙවි කරන ලද දුඹුරු සීනි පැටවීම් කටයුතු පසුගිය 24 වැනිදා සිට ලබන අප්‍රේල් 02 වැනිදා දක්වා සිදු නොකරන බවය.
අදාළ විගණන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව නැවත සාමාන්‍ය පරිදි පැටවීම් කටයුතු සිදු කරන බවද එම ලිපියෙන් වැඩි දුරටත් කියා තිබේ.
