ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊයේ (15) රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය තවදුරටත් ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලයේදී සුළි කුණාටුවක් දක්වාත්, හෙට (17) වන විට ප්‍රබල සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමඟ දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (16) සිට අපේක්ෂා කළ හැකි වුවද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, අකුණු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වන ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට අමතරව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
