Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාළු වගා ළිඳක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ සිද්ධියට 17 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

2 days ago

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා හොරොව්පොතාන පොලිස් වසමේ ඉහළකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ පාළු වගා ළිඳක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබූ අතර, වැඩිදුර විමර්ශනවලදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන 17 හැවිරිදි තරුණියක් සහ වයස අවුරුදු 23 හා 26 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (15) ඉහළකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේදීම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනාම ඉහළකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

නවතම පුවත් (Latest News)