Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළට

2 days ago

ලෝක වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42ක් දක්වාත්, Brent වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.42ක් දක්වාත් පහළ ගොස් තිබේ. කෙසේ වෙතත් Murban වර්ගයේ බොරතෙල් බැරලයක මිල පෙරදිනට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් ඩොලර් 94.48ක් ලෙස සටහන් වී ඇත.

මැදපෙරදිග කලාපයේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකරන බොරතෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති මට්ටමට ආසන්න වීමත්, ලොව දෙවැනි විශාලතම බොරතෙල් පාරිභෝගිකයා වන චීනයේ බොරතෙල් ඉල්ලුම සහ පිරිපහදු කටයුතු (ඔක්තෝබර් මාසයේදී පෙර වසරට සාපේක්ෂව 8.1%කින්) පහළ යාමත් මෙම මිල පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) පෙන්වා දෙන්නේ මෙම වසරේ සිව්වැනි කාර්තුවේදී ගෝලීය බොරතෙල් සැපයුම දෛනිකව බැරල් මිලියන 105ක් වනු ඇති බවත්, එය ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7ක අතිරික්තයක් බවත්ය.

එහෙත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ආරක්ෂක අවදානම් සහ ඉහළ නෞකා ප්‍රවාහන ගාස්තු හේතුවෙන් මිල තවදුරටත් පහළ යාම සීමා විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නවතම පුවත් (Latest News)