විමල් වීරවංශ මහතා විසින් කරන ලද ප්‍රකාශයක් මඟින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් යොමු කළ පැමිණිල්ලක් අභියාචනාධිකරණයේදී අද (16) කැඳවනු ලැබීය.
එහිදී කරුණු දැක්වීම සඳහා එළැඹෙන 30 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් ඔහුට නොතීසි නිකුත් කෙරිණි.
මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මීට පෙරද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විමල් වීරවංශ මහතාට නොතීසි නිකුත් කර තිබුණ ද, අද (16) දින නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු අභියාචනාධිකරණය හමුවට පැමිණ සිටියේ නැත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කරන ලද මෝසමක් හෝ යොමු කිරීමක් මත මෙම අධිකරණයට අපහාස කිරීමේ නඩුව අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනෙමින් පවතී.
