Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධියට කස්සප හිමි රිමාන්ඩ්

2 days ago

ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ අනවසරයෙන් බුදු පිළිමයක් තැන්පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 11 වැනිදා කැඳවූ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (16) ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී අධිකරණය මඟහැර සිටීම සම්බන්ධයෙන් උන්වහන්සේ හෙට (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර හෙට යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහෙස්ත්‍රාත් ඒ.එස්.එස්. සම්සුදීන් මහතා නියෝග කළේය.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී කස්සප හිමියන් වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටි අතර, උන්වහන්සේ තනිවම අධිකරණය හමුවේ කරුණු දැක්වීම සිදු කළහ.

බුද්ධ ශාසනය රැකීම හා එහි චිරස්ථිතිය ආරම්භ කිරීම රජයේ සහ භික්ෂූන් වහන්සේලාගේ වගකීම බවත්, තමා ඒ වෙනුවෙන් මා#න්තික උපවාසයක් ආරම්භ කර තිබියදී අධිකරණයේ පෙනී නොසිටීම “විශ්ව නීතියට” අනුව සාධාරණ බවත් කස්සප හිමියන් එහිදී අධිකරණයට ප්‍රකාශ කර ඇත. මෙම නඩුවේ සාක්ෂි ත්‍රිකුණාමලය වරාය පොලීසිය විසින් මෙහෙයවනු ලැබීය

නවතම පුවත් (Latest News)