Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

පොලිස් නිළධාරීන් 67,000ක් පොලී රහිත ක්‍රමයට විද්‍යුත් යතුරුපැදි ඉල්ලයි

6 hours ago

පොලිස් නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි ලබා දීමේ ව්‍යාපෘතිය අනුව මේ වන විට නිලධාරීන් 65,000ක් විද්‍යුත් යතුරුපැදි සඳහා ඉල්ලුම් කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වැය වන බදු මුදල පොලිස් දෙපාර්තමේන්තුවේ ත්‍යාග අරමුදලින් දැරීමට නියමිත බවය.

එමෙන්ම පොලිස් නිලධාරීන්ට අදාළ යතුරුපැදි ලබා දීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමටද සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව මීට අදාළ ක්‍රියාපටිපාටීන් මේ වන විට සිදුවෙමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ මෙම විද්‍යුත් යතුරුපැදි පොලිස් නිලධාරීන් වෙත ලබා දිය හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.