Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට සැලැස්මක්

3 years ago

අධ්‍යාපන ක්‍රමය ලෝකය පුරා වෙනස්වන ආකාරයට ශ්‍රී ලංකාව ද හැඩගැසිය යුතු බවත් අනාගතයට අවධානය යොමු කොට නව තාක්ෂණය සහ නවීන විද්‍යාත්මක ක්‍රම සමග ඉදිරියට යා යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

රටේ පවතින පැරැණි ක්‍රම බැහැරකර නව ප්‍රතිසංස්කරණ යොදාගත යුතු බවත් රටේ ආර්ථිකය, අධ්‍යාපනය, දේශපාලනය ඇතුළු සියලු ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍ය බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එනිසා නව අධ්‍යාපන ක්‍රමයක්, නව පාසල් කළමනාකරණ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අධ්‍යාපනය රැඩිකල් ලෙස වෙනස් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.

රටේ කඳුකරයේ පාසලක මුළු සිසුන් ගණන 80ක් පමණක් වුවද කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් 8,000ක් සිටින බවත් සිසුන් 5,000ට වඩා සිටින පාසල් 30ක් රට පුරා තිබෙන බවද කොළඹ රාජකීය විද්‍යාලයේ උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා සදහන් කරයි.

ලංකාවේ හොඳම පාසල් යනුවෙන් හඳුන්වන පාසල් 100 අතරේ පවතින තරගය යහපත් තත්ත්වයක් බවත් එංගලන්තයේ පාසල්වලින් බිහිවන සිසුන්ට සමාන දැනුමක් මෙම පාසල්වලින් බිහිවන සිසුන්ටත් තිබෙන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

නවතම පුවත් (Latest News)