Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමතිවරුන් 6කගේ විෂයන් සංශෝධනය කරමින් ඇමති සංශෝධනයක්

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඇමතිවරුන් 6 දෙනෙකුගේ විෂය පතයන් වෙනස් වීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

එහි දී බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, නලීන් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, ටිරාන් අලස් හා පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන්ගේ විෂයන් වෙනස් වීමට නියමිතයි.

එසේම පසුගිය කැබිනට් සංශෝධනයේදී රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටියට කැබිනට් නොවන ඇමැති තනතුරක් පිරිනැමුණ අතර මෙවර ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන්, ශෙහාන් සේමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, අරුන්දික ප්‍රනාන්දු වැනි රාජ්‍ය අමාත්‍යවරුන්ට ඇමැති ධුර ලැබීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

නවතම පුවත් (Latest News)