Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති රනිල් ගමන් ගත් හෙළිකොප්ටරය හදිසියේම ගොඩබස්වයි

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගමන්කරමින් සිටි හෙලිකොප්ටරය හදිසියේම පාසල් ක්‍රීඩාංගණයක් වෙත ගොඩබස්වා තිබේ.

මෙලෙස හෙලිකොප්ටරය ගොඩබස්වා ඇත්තේ වැල්ලවාය බුදුරුවගල පාසලේ ක්‍රීඩාංගණයටය.

නොසිතූ ලෙස වෙනස් වූ කාලගුණික තත්ත්වය හමුවේ හෙලිකොප්ටරය මෙලෙස හදිසියේම ගොඩබස්වා තිබේ.

ජනපති වැලිමඩ දක්වා ගමන්කරමින් සිටියදී මෙලෙස එම යානය හදිසියේම පාසල් ක්‍රීඩාංගණය වෙත ගොඩබස්වා තිබේ.

අනතුරුව වෙනත් වාහනයක් පාසල වෙත පැමිණෙන තෙක් පාසලේ රැඳී සිටීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉන් පිටව ගොස් ඇත.

නවතම පුවත් (Latest News)