Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොහොට්ටුවෙන් ජනපතිට ලිපියක්

3 years ago

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ඉල්ලීම් හතරක් සදහන් කරමින් ලිපියක් යොමුකර තිබෙන බවට වාර්තා වනවා.

සමෘද්ධි සහනාධාරය දිගටම පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය දීම දිගටම කරගෙන යෑම,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යළි ලබාදීම සහ රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී රැකියා නැති නොකිරීම එම ඉල්ලීම් හතර බවයි සඳහන් වන්නේ.

පක්ෂ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් මෙම ලිපිය යොමු කර තිබෙන බවට වාර්තා වනවා.

සමෘද්ධි ව්‍යාපාරය රටේ දුප්පත්කම නැති කිරීමට ඇති හොඳම යාන්ත්‍රණය බවත් එම ව්‍යාපාරය වෙනත් නම් ගෙනැවිත් වෙනස් කිරීම සුදුසු නැති බවත් පොදුජන පෙරමුණ ඒ ලිපිය මගින් දැනුම්දී තිබෙනවා.

නවතම පුවත් (Latest News)