Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට නියෝගයක්

3 years ago

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝග කළා.

පසුගිය වසරේ ජූලි 07 වනදා අධිකරණ නියෝග කඩකරමින් පැවැත් වූ උද්ඝෝෂණයකට අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ල අධිකරණයට දැනුම් දී ඇත්තේ ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

නමුත් අසනීපයට අදාළ වෛද්‍ය සහතිකය ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

නවතම පුවත් (Latest News)