වැඩිවන බදු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් කර තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ජනතාවගේ වැටුප 100කින් වැඩි කරන්නේ නම් බදු මුදල් 600කින් වැඩි කර තිබෙන බවයි.
මෙතෙක් වැට් බද්ද නොගහපු භාණ්ඩවලට ද වැට් එක අය කරන බවයි මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔහු පෙන්වා දෙන්නේ කම්පියුටර්, සියලුම යන්ත්‍ර උපකරණ, ඉලෙක්ට්‍රික් භාණ්ඩ මෙන්ම සියලුම සෞඛ්‍ය උපකරණ සඳහා ද මෙම 18%ක වැට් බද්ද අදාළ වන බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
“පෙට්රල්වලට, ඩීසල්වලට, ගෑස්වලට, පොහොරවලට වැට් එක ගහනවා. ටෙලිෆෝන් එකට වැට් එක ගහනවා. කම්පියුටර් එකට වැට් එක ගහනවා. සියලුම යන්ත්‍ර උපකරණවලට වැට් එක ගහනවා. ඉලෙක්ට්‍රික් භාණ්ඩවලට වැට් එක ගහනවා. අද අපි කතා කරා මෙඩිකල් සප්ලයිස් ගැන. මීට පස්සේ සියලුම සෞඛ්‍ය උපකරණවලට 18%ක වැට් එකක් ගහනවා. තේ දළුවලට වැට් එක ගහනවා. හැබැයි මේ කිසි දෙයක් ජනාධිපතිතුමා අයවැයේ කිව්වේ නැහැ.”

