ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇති බවට සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.
අයවැය විවාදය අවසන් වීමෙන් අනතුරුව මෙම වෙනස සිදුවනු ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.
දැනට ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධූරය දරන රොෂාන් රණසිංහගෙන් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත් කොට එය එස්.බී. දිසානායකට පැවරිය යුතු බවට රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

