Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති මහින්දව සතියක් ඇතුළත මරා දමන බවට තර්ජනයක්

3 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරුණ පුද්ගලයෙක් ඊයේ (23) දිනයේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිවස ඉදිරිපිටට ගොස් අදාළ පුද්ගලයා හිටපු ජනාධිපතිවරයාව මරා දමන බව පවසමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය පොලිස් කණ්ඩායමක් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා රෝහලකින් ප්‍රතිකාර ගන්නා හිටපු හමුදා සෙබළෙක් බවයි වාර්තා වන්නේ.

නවතම පුවත් (Latest News)