Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්වන ලාංකිකයින්ට යුද පුහුණුවක් ?

3 years ago

ඊශ්‍රායලයේ රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයින්ට යුද පුහුණුවක් ලබා දීමේ සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා.

රවුෆ් හකීම් මන්ත්‍රීවරයා අද (25) පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා.

මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ ගාසා තීරයේ ශ්‍රමිකයින් අහිමි වීමෙන් ඇතිවන පුරප්පාඩුවලට මෙන්ම පලස්තීනුවන්ගෙන් බලහත්කාරයෙන් අත් පත් කරගන්නා ලද බිම් කොටස්වල සේවය කිරීම සඳහා ඊශ්‍රායලය මෙම රැකියා අවස්ථා ලබා දෙන බවයි.

ඒ අනුව, මෙවැනි අවස්ථාවක ඊශ්‍රායල සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යැවීම යුදෙව්වන් මරා දමන විට ඇති වූ පුරප්පාඩුවලට ලාංකිකයින් ජර්මනියට යැවීමට සමාන අවස්ථාවාදී ක්‍රියාවක් බව රවුෆ් හකීම් මහතා පෙන්වා දෙනවා .

කෙසේවෙතත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ ඊශ්‍රායලයට යවන ශ්‍රමිකයන් වෙත කිසිදු යුද පුහුණුවක් ලබා නොදෙන බවයි.

මෙවැනි අවස්ථාවක රටක් වශයෙන් මැදිහත්ව සිටීම වෙනුවට ජාතිවාදය පාවිච්චි කරමින් ඡන්ද වැඩි කර ගැනීමට මෙවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළ සිදු නොකළ යුතු බවද මනූෂ නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

නවතම පුවත් (Latest News)