Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇමති රොෂාන්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්! ඔහුගේ මරණයට ජනපති හා සාගල වගකිව යුතු බව කියයි!

3 years ago

ක්‍රිකට් සම්බන්ධයෙන් පවතින දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳව අනාවරණය කිරීමත් සමඟ මතුව ඇති තත්වය සමඟ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

අද (27) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, තමාගේ ජීවිතය පිළිබඳ අද වනවිට අවිනිශ්චිත තත්ත්වකට මුහුණ දී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“කථානායකතුමනි, මේක දේශපාලනයේ නව ඊරාවක් වෙන්න ඕනේ. ඒ තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මඟ මරලා දාන්න පුළුවන්. ඒක හෙටද අදද අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා එතුමාට අපෙන් පළිගන්නද කියන ප්‍රශ්නය තියෙනවා.”

නවතම පුවත් (Latest News)