Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනතාව නරා දුක් විදිද්දී ජනතා මුදල් කාබසිනියා කරන බෝගොල්ලාගම

3 years ago

රාජ තාන්ත්‍රික නිළධාරියෙකු ලෙස කටයුතු කිරීමේ දී මහජන මුදල් කාබාසිනා කිරීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් ඇති රෝහිත බෝගොල්ලාගම, යළි ඒ සුපුරුදු ජීවන රටාව අරඹා ඇති බව ඩේලි මිරර් වෙබ් අඩිවිය වාර්තා කරයි.

රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් ඇතුළු සියල්ලන්ට ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් තහනම් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර තිබිය දී ත්, බෝගොල්ලාගම, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරය භාර ගැනීම සදහා ලන්ඩනය බලා පැමිණ ඇත්තේ, ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයකිනි.

ඊට අමතරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නියෝජිතයා ලෙස, ඔහු ඝාණාවේ පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමටද, ලන්ඩනයේ සිට ඝාණාව වෙත පැමිණීම සදහා ද රෝහිත බෝගොල්ලාගම, ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් වෙන්කරගෙන ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

සිය ඝාණා සංචාරය අතරතුරේ දී, ඝාණාවේ ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයන්, සිය අණසක යටතේ තබා ගැනීමට ද බොගොල්ලාගම කටයුතු කර තිබෙන බවට වෙබ් අඩවිය චෝදනා කරයි.

විශේෂයෙන්ම, රාජ්‍ය තාන්ත්‍රික නිළධාරීන් ඔහුගේත් ඔහුගේ බිරිදගේත් අන්තේවාසිකයන් ලෙස භාවිතා කිරීමට බෝගොල්ලාගම නිර්ලජ්ජිත වී ඇති බව වෙබ් අඩවිය පවසයි.

ඝාණාවේ පැවැත්වෙන එකී සමුළුව සදහා, සිය බිරිදවද ඔහු කැදවාගෙන විත් තිබේ.

ඔහු මේ සියළු වරදාන වරප්‍රසාද භුක්ති විදින්නේ, බංකොලොත් රටක අමාරුවෙන් දිවි ගැට ගහගන්නා ජනතාවක් ගෙවන බදු මුදල්වලිනි.
(source – headlinenews)

නවතම පුවත් (Latest News)