එළඹෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයෙන් රෝහිත් ෂර්මා ඉවත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ වෙනුවට මුම්බායි කණ්ඩායමේ නායකත්වය පත්කිරීමට සූදානම් වන්නේ පසුගිය තරගාවලිවලදී ගුජරාට් කණ්ඩායමේ නායකත්වය දැරූ හර්දික් පාණ්ඩ්‍යා හටයි.
ඔහු නායකත්වය දුන් පළමු තරගාවලියේදීම අයි පී එල් ශූරතාව දිනාගැනීමට ගුජරාට් පිල සමත් වූ අතර දෙවන තරගාවලියේදී ඔවුන් අනු ශූරතාව දිනා ගත්තා.
නමුත් මෙවර තරගාවලියේ හර්දික් පාණ්ඩ්‍යා යලි මුම්බායි පිල හා එක් විය.
වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායකයා වන රෝහිත් ශර්මා මුම්බායි කණ්ඩායම වෙනුවෙන් අයි පී එල් ශූරතා 05ක් දිනා දී තිබෙනවා.
ඔහු සැලකෙන්නේ මහේන්ද්‍ර සිං දෝණිගෙන් පසු අයි පී එල් ඉතිහාසයේ සාර්ථකම නායකයා ලෙසයි.

