පළමුවරට IPL වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (19) සමත් වුණා.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 4.60 ක මුදලකට මිලදී ගනු ලැබීය.
ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 18 ක් පමණ වනවා.
ඔහු වෙන්දේසිය සදහා ඉදිරිපත්ව සිටියේ ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගව සන්රයිසර්ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ.
ඒ, ඉන්දියානු රුපියල් මිලියන 15කටය.
ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් මිලියන 48ක් පමණ වේ.

