Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ධනුෂ්ක ගුණතිලකගේ තහනමක් ඉවතට! මුල්ම තරගයට ක්‍රීඩා කරන දිනය මෙන්න!

3 years ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය  අවසර ලබාදී තිබේ. 

ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, මේ වනවිට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියට හෙට (23) සිට එක්වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට ලක්වී නිදොස් කොට නිදහස් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා තිබු ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කළේය.

නමුත් ඔහුට ක්‍රිකට් තරගාවලි වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමිනොවුයේ දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය ඔහුට පනවා තිබු තහනම ඉවත් නොකළ නිසය.

නවතම පුවත් (Latest News)