මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියේදී අලෙවි වූ මෙරට පන්දු යවන්නන් දෙදෙනෙකු වන ඩිල්ෂාන් මධුෂංඛ සහ නුවන් තුෂාර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණු කරු මාර්ක් බවුචර් විසින් ඇගයීමට ලක්කර තිබෙනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ නුවන් තුෂාර, ලසිත් මාලිංග මෙන් සුවිශේෂි ඉරියව්වකින් පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකු බවයි.
එමෙන්ම, ඩිල්ෂාන් මධුෂංඛ එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී කඩුලු 26ක් ලබාගනිමින් දැක්වූ දක්ෂතාද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වන මාර්ක් බවුචර්ගේ ඇගයීමට ලක්වුණා.

