ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්, ජේ ෂා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත IPL තරගාවලියේ තරග කිහිපයක් ලංකාවේ පවත්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා මෙම හමුවේ දී ජේ ෂාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවමින් පනවා ඇති තහනම ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර ඉවත්කරනු ඇතැයි විශ්වාස කරන බව සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

