ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරියට තරග පාවාදීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇති බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පැවසු බව හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කළ පසුව ICCය විසින් මේ බව දැන්වූ බවත් එම දැනුම්දීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කරන ලද දැනුම්දීමක් මත බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
එහිදි ICCය විසින් කිසිදු කොන්දේසියක් යටතේ සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ නොකර ගතයුතු බවට දැන්වු බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
එහෙත් අද සනත් ජයසූරිය ක්‍රිකට් යතනයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස කටයුතු කරන විට ICCය විරෝධය නොදක්වා සිටින බවත් එය ලබැදියාවක් වැනි ආකාරයක් බවද කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කරයි.

