Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ඓඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයක්

3 years ago

වත්මන් ටෙස්ට් ලෝක ශූර ඔස්ට්‍රේලියාවට එරෙහිව සුපිරි ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ කොදෙව් නවක ක්‍රීඩක Shamar Joseph දෙවැනි ඉනිනේදී පන්දුවාර 11.5කදී ලකුණු 68කට කඩුලු 7ක් දවාගනිමින් කොදෙව්වන්ට ජය හිමිකර දුන්නේය.

සිය මංගල ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කරන ඔහු ඇඟිල්ලක ආබාධයක් සමග ක්‍රීඩා කරමින් මෙම දක්ෂතාවය දැක්වීම විශේෂත්වයකි.

ඔහු සිය මංගල ටෙස්ට් තරගාවලියේදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13කි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 311ක් රැස්කරගෙන තිබුණි.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට රැස්කරගත්තේ 289කි.

දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම ලකුණු 193කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් විය.

ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය සොයා ලකුණු 216ක ඉලක්කයක් හඹායාම සඳහා දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාවේ සිහින Shamar Josephගේ පන්දු යැවීම හමුවේ සුනුවිසුණු ගියේය.

සියලු දෙනා දැවී ඔවුනට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 208ක් පමණි.

හුදෙකලා සටනක නිරත වූ Steven Smith නොදැවී පන්දු 146කදී හයේ පහරක් සහ හතරේ පහර 9ක් සමග ලකුණු 91ක් රැස්කර ගත්තේය.

පන්දුවෙන් සුවිශේෂී දස්කම් පෑ Shamar Joseph තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම හිමි කරගත්තේය.

මෙම ජයග්‍රහණය වසර 27කට පසුව කොදෙව් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ දී ලද පළමු ටෙස්ට් ජය ලෙස ඉතිහාසයට එක්විය.

නවතම පුවත් (Latest News)