ඇන්ජලෝ මැතිව්ස් සිය 16වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට අද (03) සමත් විය.
ඒ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට්ය් තරගයේ දීය.
මෙම තරගයේදී දිනේෂ් චන්දිමාල්ද සිය 15වෙනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.
තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 03 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 380කි.
එහිදී නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 132 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 107 ක් ලබා සිටී.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලබාගත්තේ ලකුණු 198ක් පමණි.

