Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

jusprit bumrah

ජස්ප්‍රිට් බුම්රාගෙන් සුවිශේෂී ලෝක වාර්තාවක්

3 years ago

සුපිරි ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්‍රා සුවිශේෂ ක්‍රිකට් ලෝක වාර්තාවක් තබා තිබේ.

ක්‍රිකට් දිවියේ කුමන හෝ අවස්ථාවක දී ටෙස්ට්, එක්දින සහ 20යි 20 අකෘති තුනෙහි ම පෙරමුණට පැමිණි ලොව එකම පන්දු යවන්නා බවට පත් වෙමින් ජස්ප්‍රිට් බුම්‍රා මෙම ලෝක වාර්තාව තබා ඇත.

අයිසීසී නිකුත් කළ නවතම ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ජස්ප්‍රිට් බුම්‍රා අංක 01ට පැමිණ ඇති අතර, ඒ සමඟ මෙම සුවිශේෂ ලෝක වාර්තාව බුම්‍රා සතු විය.

මේ අතර, ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණි පළමු ඉන්දීය වේගපන්දු යවන්නා බවට ද ජස්ප්‍රිට් බුම්‍රා පත් ව ඇත.

මේ අතර නවතම ශ්‍රේණිගතකිරීම්හි 6 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ප්‍රභාත් ජයසූරිය සමත් වී තිබෙනවා.

නවතම පුවත් (Latest News)