Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කුසල් ජනිත් හා වනිඳු ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ ඉහළින්ම සනිටුහන් කරයි

3 years ago

ඩුබායිහිදී පැවැත්වෙන 2024 පන්දුවාර 20 – 20 ජාත්‍යන්තර ක්‍රිකට් ලීගයේ පිතිකරුවන්ගේ ලකුණු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබෙනවා.

එහිදී කුසල් ජනිත් පෙරේරා තරග 07කට සභභාගි වී ලබා ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 264කි.

එම ලකුණු රැස්කර ගැනීම සඳහා ඔහු විසින් හතරේ පහර 27ක්ද, හයේ පහර 11ක්ද එල්ල කර තිබෙනවා.

එල ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Nicholas Pooran ලබා ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 261.

එමෙන්ම එම ලීගයේ කඩුළු ලාභීන්ගේ ලැයිස්තුවේ සිව් වැනි ස්ථානයට පත් වීමට වනිඳු හසරංග සමත් වී තිබෙනවා.

එහිදී තරඟ 08ක් ක්‍රීඩාකර ඇති ඔහු ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 12ක්.

නවතම පුවත් (Latest News)